Monday, September 20, 2010

රාජ්‍ය සේවය පිණිසයි

අවවාදයයි අතිශයින්ම සිනහවන්නන් සදහා පමණයි 



                                                නො 82/5 සාන්ත ඩෙනිස් මාවත
                                                                                                                                    නව නගරය,
                                                                                                                     පැරීසිය.

යොමුව- ජුලියට් මැතිණිය

විෂයය-ආදරය ලබාදීම පිණිස.


දයාබර ජුලියට් මෙනවිය ,


                 පෙබරවාරි 13 වන සෙනසුරාදා සිට ඔබ හා ආදරයෙන් බැදුණු බව මෙයින් දන්වා සිටීමට ඉතා තුටුවෙමි.

         පෙබරවාරි මස 13 දින පැය 1900ට අප අතර පැවැති හමුව අනුව බලාපොරොත්තු ව්ය හැකි ආදරවන්තයෙකු ලෙස හදුන්වාදීමට කැමැත්තෙමි.

        අපගේ ආදර සබදතාව මාස තුනක පරිවාස කාලයකට යටත්වන අතර සාමඩානයෙන් කටයුතු කිරීම අනුව ස්ථීර බවට පත්විය හැකිය.

        පරිවාස කාලය පැමිනි පසු අඛන්ඩ පුහුණුවත් , සතුටුදායක සේවාවත් අනුව ආදරවන්තිය සිට සහකාරිය දක්වා උසස්වීම්ද ලද හැක.මේ කාලය තුලදී කෝපි පානය ඇතුලු විනෝද ක්‍රීඩා සදහා වැයවන මුදල දෙදෙනා අතර සමසේ බෙදෙනු ඇත.පසුව ඔබගේ සතුටුදායක දායකත්වය අනුව වැඩි පිරිවැයැක් මා විසින් දැරේනු ඇත

එසේ වුවද ,ඔබේ වැය ගිනුම අනුව කටයුතු කිරීමට තරම් මම ඉදිරිපත් නොවෙමි

       මෙම ලිපිය ලැබී දින 30ක් ඇතුලත ඔබගේ ප්‍රතිචාරය ලබදිමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමි.එසේ කිරීමට අපොහොසත් වීම මගින් නොමිලයේ ලබා දෙන මෙම අනගි අවස්ථාව පෙර දැනුම් දීමකින් තොරව අවලඔගු වන අතර වෙනත් අයෙකු සදහා මෙම අවස්ථාව ලබා දීමට සිදුවන බව කරුනාවෙන් දැනුම් දෙමි.

මෙම අවස්ථාව හිමිකර ගැනීමට අකැමතිනම් මෙම ලිපිය ඔබේ සොයුරිය වෙත ලබදීමට කටයුතු කරන්නේ නම් මම ඉතා සතුටුවෙමි

ඔබේ සියලු කටයුතු සර්ථක වේවායැයි බලපොරොත්තු සහිතව ස්තුති කරමි.

මෙයට විශ්වාසී රෝමියෝ 
මානව සම්පත් කළමනාකරු.

No comments:

Post a Comment